Saturday, April 28, 2012

මම දැන්...

එක දවසක්
ඈ මට කිව්වා...
"මම දැන් ඔයාට
‍‍මැරෙන තරම් ආදරේ නෑ" කියල

ඒ දවසේ...
මම 
මැරුනා...


තව දවසක්
ඈ මට කිව්වා...
"මම කිව්වේ බොරුවක්
මම ඔයාට ආදරෙයි" කියල


ඒත්...
මම දැන්
මැරිල...

Friday, March 2, 2012

රොමැන්ටික් වොරියර් - Mark Gresty

මේවර දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ හොදම ඉංග්‍රීසි වීඩියෝ අතරට නාම ‍යෝජනා වුණු සේනාධි ගුරුගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද මියුසික් වීඩියෝ එක.



Lyrics & Music : Mark Gresty
Video Director : Senadhi Guruge

Tuesday, January 31, 2012

මෙන්න වදන්, කන්න හදං

  • මිනිසා තමන්ගේ රචනයටත් අනුන්ගේ බිරියන්ටත් කැමතිය. (චීන)
  • නිර්වත්ත්‍ර මිනිසා ඈත සිට දැකිය හැකිය. අශීලාචාර මිනිසා දැකිය හැක්කේ අත ළගදී ය. (ලතින්)
  • මිනිසුන්  අතර හැර සතුන් අතර ගෑණු සතා අවලස්සනය. (නීග්‍රෝ)
  • නියම ගැහැණිය වහලියක් මෙන් ම ආර්යාවක් ද වේ.(බොස්නියාව)
  • ගැහැණිය නිර්මාණය කර තිබෙන් නේ පිරිමියාගේ මුදල් පසුම්බියටය.(ප්‍රංශ)
  • ගැහැණිය මැවුවේ පිරිමියාගේ සැප පහසුවටය.
  • ගැහැණිය විවාහයට පෙර අඩනවා. පිරිමියා විවාහයට පසු අඩයි.(පෝලන්තය)
  • ගැහැණියව යක්ෂයා ගිල්ලා. එත් දිරවා ගන්න බැරි වුණා. (පෝලන්තය)
(දයාරෝහණ අතුකොරළ මහතාගේ පොතක් ඇසුරෙනි)

Friday, January 13, 2012

මම උඹට ආදරෙයි!

මම මමට
වඩා
උඹ උඹට
වඩා
උන් උඹට
වඩා
මම උඹට
ආදරෙයි...

Sunday, December 11, 2011

කුරුදුගහ හැතැක්ම අධිවේගී මාර්ග පිවිසුවේ පිටිවීමේ මාර්ගය උඩින් ජලය බැස යයි. Highway Entrance of Kurudugaha after a Rain (2011-11-19)



ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගයට 2011 - 11 - 19 දින ජනතාවට ඇතුල් වීමට නිලවශයෙන් අවසර ලබා දෙන ලදි. එදින සවස ඇති වූ වැස්සෙන් පසු කුරුදුගහ හැතැක්ම පිවිසුම හරහා අධිවේගී මාර්ගයට පිවිසුන අප පිවිසුනි. එහි දී එම ස්ථානයේ ඇති පිටවීමේ මාර්ගය (කොළඹ සිට එන විට ඇල්පිටිය දෙසට ඇති) උඩින් ජලය ගලා යන ආකාරය අප කැමරාවේ සටහන් කරගැනීමට හැකි විය. අනාගත ආයෝජනයක් විය හැකි අධිවේගී මාර්ගය උඩින් ජලය බැසයනවා යනු එම මාර්ගයේ කල් පැවැත්මට කිසිසේත් යෝග්‍ය වන්නේ නැති බව අපගේ විශ්වාසය යි.