Thursday, July 19, 2012

SMS එකක් යවා මොබයිල් ෆෝන් එක ඕ‍‍‍ෆ් කරන්න.

සමහරු මේ ගැන දන්නව ඇති. ඒත් මට හිතුනා මේ දේ කියන්න. මම කාලෙක ඉදන් අහල තිබුණා ෆෝන් එකට එන SMS එකකින් ෆෝන් එක ඕෆ් කරන්න පුලුවන් කියල. අද මට ආව එහෙම SMS එකක්. ඒ ගැන හොයන්න හිතුන නිසා ඒ ගැන හොයල බැලුව. වැඩේ හරි. මට ඒ වගේ SMS එකක් හොයා ගන්න පුලුවන් උනා. ඇත්තටම මේක කරා කියල කිසි තේරුමක් නම් නැහැ. ඒත් හොයාගත්ත නිසා කට කහනව වගේ, මේ ගැන දන්නෙ නැති අයට කියන්න කියල හිතුනා. දන්න අය නම් කොහොමත් දන්නවනේ. ඔන්න එහෙනම් මේකෙදි සිද්ධ වෙන දේ තමයි මේ.

මෙහිදී අපේ මොබයිල් ෆෝන් එකට එන SMS එක කියවන්න Open කරන කොටම ෆෝන් එක ඕෆ් වෙලා ආයෙම ඔන් වෙනවා(Restart). තවත් සමහර SMS  වලින් ‍ඒ SMS එක කියවල පහලට යන්න හදනකොට හරි Edit කරන්න හදනකොට හරි ෆෝන් එක ඔෆ් වෙනවා. ඒත් සමහර ෆෝන් වලට ආපු SMS වලින් නම් ෆෝන් එක ආයෙම ඔන් කරන්නේ නැහැලු (Restart). එහෙම උනාම අයෙම අපිට ෆෝන් එක ඔන් කරන්න වෙන‍වා. මම මේ දේ කියන දේ අහල මේ දේ කරන්න උත්සාහ කරනව නම් ‍රජෝ, ඔයාලගේ ෆෝන් වල වගකීම ඔයාලම ගන්න ඕන හොදේ. ‍

ඇත්තටම මේක හරි සරල  SMS  එකක් යවල කරන්න පුලුවන් දෙයක්. හැබැයි මේ SMS එකෙන් හැම ෆෝන් එකම ඕෆ් කරන්නත් බැහැ. NOKIA 1100,1110,2100,2300,3610,3310,3315,5110 ව‍ගේ ‍ෆෝන් තමයි මේකෙන් ඔෆ් කරන්න පුලුවන් වෙන්නේ.

මම මේ පහල දෙන SMS එකෙන් වෙන්නේ ෆෝන් එකට එන SMS එක කියවන්න Open කරන කොටම හරි ෆෝන් එක ඕෆ් වෙලා ආයෙම ඔන් වෙනවා(Restart). මේ SMS එක මකන්න ඕන නම් ඒක කරන්න පුලුවන් ලේසියෙන්. ඒත් SMS මකන්න නම් සමහර ෆෝන් වල SMS  Open කරන්නම ඕන වෙනවනෙ. එහෙම ෆෝන් එකක් නම් Open නොකර Delete Messages වලින් අදාල SMS එක Mark කරල මකල දාන්න. මොකද කියනව නම් Open කරල මකන්න හදන හැම වෙලාවෙම ‍ෆෝන් එක ඕෆ් වෙනවනෙ. ඒකයි.


මෙන්න SMS එක
( ' ) 79 ක් ටයිප් කරල අදාල ෆෝන් එකට SMS එකක් යවන්න.

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''  
එහෙනම් ජය වේවා!

8 comments:

  1. මටත් ඔක ඉස්සර යාළුවෙක් කරල තිබුනා එත් මගෙ සැම්සුන් ෆොන් එකට වැඩ කලේ නැහැ, බලමු නොකියාවලට....... නියමයි....

    ReplyDelete
    Replies
    1. ටිකක් ඉස්සර ආපු නොකියා ෆෝන් වලට විතරයි මේක වැඩ කරන්නේ කියල තමයි මම දන්නනේ. ඒත් වෙන ෆෝන් වර්ග ඕෆ් කරන්න පුලුවන් විධිත් තියෙනවා ලු.

      Delete
  2. අඩේ මම නම් අදමයි මේක දැනගත්තේ කරලා බලන්නම්කෝ.

    ReplyDelete
  3. ප්‍රතිචාර ලියන්න කාලය වෙන් කරපු සහ මේ ලිපිය කියවපු හැම දෙනාටම බොහොම ස්තූතියි! ජය ‍‍වේවා!

    ReplyDelete