Monday, July 30, 2012

ඔහු සහ ඔහුගේ පෙම්වතිය

විශේෂ දින සටහන්
දිනය : 2012-07-30 (සදුදා)

ඔහු මාගේ බාල කාලයේ සිට මිත්‍රයෙකි. ඔහුට ඇය හමුවූයේ මීට මාස තුනකට පෙර බව මා දැනගත්තේ අද දිනය. ඔහු ඇයට ද ඇය ඔහුට ද මහත් සේ ආදරයෙන් සිටියේ ය. නමුත් ඔවුනවුන්ගේ ඒ ආදරය ඒ මාස තුනට වඩා ගොඩක් වැඩි බව මා හට දැනිණි. අද ඔහු ද ඇය ද ගුවන්තොටුපල බලා ගියේ මා සමග ය. ඔහු ද ඇයද මා හට සමු දී පිටත්ව ගියේ ය. මද වේලාවකින් ඔහු නැවත පැමිණියේ ය. ඒ තනිවම ය. ඈ ගියේ ය. නමුත් ඔහු ඇයට දුන් මල් පොකුර පමණක් තවමත් රිය තුල ඇත්තේ ය.

8 comments:

  1. මේ මොනකුණුහබ්බයක්ද....

    ReplyDelete
    Replies
    1. ඒක තමා නේ. ගනන් ගන්න එපා සනා.

      Delete
  2. ඇය මැදපෙරදිග රටක වැඩට ගිහින්ද?

    ReplyDelete
  3. ඔහු සොයා බොහො ඇයවලුන් ආවෝය. ගියෝය. ඔහු උන්නු උන් ගැනද ගියවුන් ගැනද කවි සහ පොත් ලීවේය.මල් පොකුරු කාරය තුල වුවද ඔහු ඈ වෙනුවෙන් ලියු දෑ සිරිල් අයියාගේ වී ගොනි වලට යටවී මීයන් සමග අපුරු රමණයක යෙදේ.

    ReplyDelete
    Replies
    1. හිහ්...උඹ කවුද බං? උගේ යාලුවෙක්ද?

      Delete
    2. මම දෙවියන්.

      Delete