Monday, August 20, 2012

ඉන්දීය සිනමාවේ කීර්තිමත් ම දුෂ්ටයා වූ අසහාය නලුවා - අම්රිෂ් පූරි

අම්රිෂ් පූරී මොගැම්බෝ ලෙස
දවසක් කියවපු බ්ලොග් පෝස්ට් එකක තිබුන දෙයක් තමයි, කුඩා දරුවගේ පටන් තරුණ දරුවා දක්වා පෙන්නන්න බැරි ඉන්දියානුවා කවුද කියල. ඒ ඇත්තටම වෙන කවුරුත් නෙමෙයි,  ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධම දුෂ්ටයා වූ අම්රිෂ් පූරි. අපි පොඩි කාලේ බලපු ගොඩක් හින්දි චිත්‍රපටිවල හිටපු දුෂ්ඨයා කවුද කියල  කාටත් මතක ඇති නේද? ඒ තමයි අම්රිෂ් පූරි.

ඉන්දීය සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වුණු අසහාය දුෂ්ඨ චරිත රගපාපු අම්රිෂ් පූරි මහතගේ සම්පූර්ණ නම වෙන්නේ අම්රිෂ් සිංග් පූරි (Amrish Singh Puri) ය. සර්දාර් නිහාල් සිංග් පූරි( Sardar Nihal Singh Puri) සහ සර්දානි වෙඩ් කාර් (Sardarni Ved Kaur) ට දාව ඉපදුණු අම්රිෂ් පූරි, දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැනියා වේ. ඉන්දියාවේ ජලන්දාර් දිස්ත්‍රික්කයේ නවන්ෂාර්( Nawanshahr) හි 1932 ජුනි 22 දින අම්රිෂ් පූරි උපත ලබයි. ඉන්දියාවේ ශිම්ලා හි B.M.Collage හි දී තම උපාධිය හදාරන පූරි, නලුවෙකු වීම සදහා මුම්බායි වෙත එනුයේ, නලුවන් වූ චමන් පූරි(Chaman Puri) සහ මදාන් පූරි(Madan Puri) වන තම සහෝදරයන් ගිය මග ගැනීමට ය.

අම්රිෂ් පූරිගේ මුල් බලාපොරොත්තුව වූයේ සිනමා වීරයෙකු වීමට ය. ඉන්දියාවේ සිනමාවේ වීරයෙකු වීමේ අරමුණ ඇතිව පැමිණි අම්රිෂ් පූරි මුල්වරට මුහුණ දෙන තිර පරීක්ෂණය (Screen Test) අසමත් වේ. එයින් පසු ඔහු රක්ෂණ සමාගමක රැකියාවක් සොයා ගනී. රැකියාව කරන අතරතුර අම්රිෂ් පූරි Prithvi Theatre නම් ඉන්දියාවේ විශිෂ්ඨ නෘත්‍ය ශාලාවේ දී වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වේ. වේදිකා නාට්‍ය රගපාන අතර 1979 දී සන්ගීත් නාටක් සම්මානය (Sangeet Natak Akademi Award) දිනා ගැනීමට අම්රිෂ් පූරි සමත් වේ. මෙම සම්මානය ලැබීමත් සමග අම්රිෂ් පූරි ඉන්දීය රූපවාහිනිය තුල ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වේ. වෙළද දැන්වීම් විශාල ප්‍රමාණයක අම්රිෂ් පූරි පෙනී සිටී. එසේම තම මුල් කාලීන සිහිනය වූ සිනමා නලුවෙකු වීමේ අවස්තාව ඒ අනුව අම්රිෂ් පූරි ට උදා වේ. ඒ වන විට අම්රිෂ් පූරිගේ වයස අවුරුදු 40 ක් වේ.

අම්රිෂ් පූරි රගපාන ප්‍රථම චිත්‍රපටය වනුයේ ප්‍රේම් පුජාරී (Prem Pujari ) ය . ඒ 1971 දී ය. එසේ තම සිනමා දිවිය ආරම්භ කරන අම්රිෂ් පූරි ලෝකයේ බොහෝ සිනමාවන් හි තම දක්ෂතාවය පෙන්වා තිබේ. බොහෝ විට දුෂ්ටයාගේ චරිතය රග දක්වන පූරි එසේ නොවන චරිත රගපෑ අවස්ථාවන් ද ඇත. හින්දි, කන්නඩ, මරාති, පන්ජාබ්, මලයාලම් , තෙලිගු සහ දෙමළ චිත්‍රපටි වල රගපා ඇති අම්රිෂ් පූරි බොලිවුඩ් සිනමාවේ ද චිත්‍රපටවලට දායක වී ඇත. සුප්‍රකට බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් ස්පීල්බර්ගේ ඉන්ඩියානා ජෝන්ස් (Indiana Jones and the Temple of Doom.) චිත්‍රපටයේ ද අම්රිෂ් පූරි තම රංගන ප්‍රතිභාව පෙන්වා ඇත.

අම්රිෂ් පූරි යන මහා ඉන්දීය චිත්‍රපට නලුවා වඩාත් ජනප්‍රිය අප්‍රසාදයට පත් වූයේ 1980 න් පසුවය. ඉන්දීය සිනමාවේ අසහාය දුෂ්ටයා වූ අම්රිෂ් පූරි ‍චිත්‍රපට 400 ට වඩා රගපා ඇත. තමන්ගේ රූපය‍ සහ ගොරෝසු කටහඩ නිසා ඉන්දීය සිනමාවේ කීර්තිමත්ම දුෂ්ට නලුවා වීමේ අවස්ථාව අම්රිෂ් පූරිට හිමි විය. අම්රිෂ් පූරිට අපූරු පටබැදි නාමය නාමයක් ද විය. එය "මොගැම්බෝ (Mogambo)" යන්න ය. 1987 දී තිරගත වූ Mr. India චිත්‍රපටයේ ඔහු විසින් රගපෑ "මොගැම්බෝ" නම් ජාත්‍යන්තර දුෂ්ට චරිතයේ තිබූ සාර්ථකත්වය නිසා ඔහුට එම නම පටබැදුණි.

ඉන්දීය සිනමා ප්‍රේක්ෂකාගාරය තුල‍ මෙන්ම ශ්‍රි ලංකා සිනමා ප්‍රේක්ෂකාගාරය තුල ද අම්රිෂ් පූරී ට මිනිසුන්ගේ අප්‍රසාදයක් හිමි වූවා නම් එය වූයේ දුෂ්ට චරිත රංගනයේ දී ඔහු දැක්වූ අසහාය ප්‍රතිභාව නිසාය. සැබවින්ම අම්රිෂ් පූරි යනු පුරාවෘතයකි. අම්රිෂ් පූරිගෙන් පසු ඔහුගේ තැන ගැනීමට මේ වන තෙක්ම කිසිදු නලුවෙකුට අවස්ථාව හිමිනොවී ඇතිවාක් මෙන්ම තව බොහෝ කලකට එම ස්ථානයට කවුරුන් හෝ නලුවෙකු ළගා නොවනු ඇත. මෙම විශිෂ්ට නලුවා 2005 ජනවාරි මස 12 දින මුම්බායි හි දී තම ජීවිත ගමන අවසන් කලේ ය.

අවසාන වශයෙන් කිව යුත්තේ ඉන්දීය සිනමාවේ විශිෂ්ඨතම නලුවන්ගේ ලැයිස්තුව අම්රිෂ් පූරි නොමැතිව කිසිවිටෙක සම්පූර්ණ නොවේ යන්න ය.

(අන්තර්ජාලය ඇසුරෙනි)

10 comments:

  1. Replies
    1. හිහ් හිහ්..මට තේරුනේ නැහැ ඕයි..

      Delete
  2. අපූරු කතාව ඉහත කිව් පොස්ට් එක දාල තිබ්බේ මඩිස්සේ නිශාන් මලය. මමත් ලියන්න හිත හිටියේ අම්රීෂ් පූරිට සුදු හුණු ටිකක් ගාල නමුත් ඔබ එය මට වැඩ ලස්සනට කර ඇත අනර්ගයි කෝරලේ කුෂ හුවා ලොල්

    ReplyDelete
    Replies
    1. තැන්කියු වේවා කෝරලේ මහත්තයෝ.

      Delete
  3. නියම ලිපියක්
    මම පොඩි කාලේ මෙය දුෂ්ටයාට ඉන්න ෆිල්ම් බලන්න මාර ආසයි මොකද මෙයා ඉන්නවා නම් එ ෆිල්ම් එක හිට් එකක්

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. අම්රිෂ් පූරි කියන්නේ ඇත්තටම නලුවෙක්. ජය‍ වේවා!

      Delete
  4. අම්බෝ මම ආසම නැහැ මෙයාට :(

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මිනිහා දක්සයෙක්.

      Delete