දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ල වන උසින් අඩි 2717 (828 m) ක් උස ඩුබායි හි Burj Khalifa ගොඩනැගිල්ලට වඩා අඩි 568 ක් උස ගොඩනැගිලි සංකීර්ණයක් සෞදි අරාබි රාජ්‍යයේ ජෙඩා නගරයේ දී 2018 දී විවෘත වීමට නියමිතය.
Kingdom Tower ලෙස හැදින්වෙන මෙම නිර්මාණය උසින් අඩි 3,280 (1000 + m) ට වඩා උසින් යුක්ත වනු ඇත. එනම් Kingdom Tower පොළවේ සිට ඉහල අහසට කිලෝමීටරයකට වඩා උසින් යුක්ත වනු ඇත. Kingdom Tower ගොඩනැගිලි සංකීර්ණය නිර්මාණය කර අවසන් වූ පසු එහි සම්පූර්ණ
අභ්‍යන්තර භූමි ප්‍රමාණය වර්ග අඩි මිලියන 5.1(අක්කර 12.1671) ක් වනු ඇත.
එසේම දැනට ඇස්තමේන්තු ගත වියදම ඩොලර් බිලියන 1.5 කි.
ඩුබායි හි Burj Khalifa ගොඩනැගිල්ල සැලසුම් කල AS+GG ආයතනයේ Adrian Smith විසින්ම සැලසුම් කරන Kingdom Tower ගොඩනැගිලි සංකීර්ණය වාසයට සුදුසු තට්ටු 161 කින් යුක්ත වනු ඇත. මෙම තට්ටු 161 තුල නිවාස සංකීර්ණ, හෝටල් සංකීර්ණ, වෙළද සංකීර්ණ සහ සිනමා ශාලා ද ඉදිවනු ඇත. ගොඩනැගිල්ලේ ඉහල පහල යාම සදහා උත්තෝලක (Elevators) 59 ක් ස්ථානගත කිරීමට සැලසුම් කර ඇත. ඉහල සහ පහලට යන දෙපසටම තත්පරයට මීටර 10 ක (තත්පරයට අඩි 40) පුදුම සහගත වේගයකින් ගමන් කිරීමට හැකිවන ආකාරයට මෙම උත්තෝලක සැලසුම් කර ඇත. මෙයින් උත්තෝලක 54 ක් තනි තට්ටුවේ ඒවා වන අතර උත්තෝලක 5 ක් තට්ටු 2 බැගින් යුක්ත ඒවා වනු ඇත. මෙම Kingdom Tower ගොඩනැගිල්ලත් සමග සෞදි අරාබියේ ජෙඩා නගරය නව යුගයකට පා තබනු ඇති බව විශ්වාස කෙරේ.
Kingdom Tower සහ දැනට උසින් වැඩි ගොඩනැගිලි සංකීර්ණ
වැඩිදුර විස්තර සහ චායාරූප සදහා පිවිසෙන්න CYGY වෙබ් අඩවියට (සේයා රූ උපුටා ගෙන ඇත්තේ එම වෙබ් අඩවියෙනි)
වැදගත්...ස්තූතියි
ReplyDeleteනෙළුම් කුළුණ???
ReplyDeleteඔව් ඔව් ඒක ඉතිං මීට වඩා උස වෙන්නත් පුලුවන් සමහරවිට...
Deleteගොඩක් හොඳ පොස්ට් එකක්
ReplyDeleteපට්ටයි ඈ
ReplyDelete